‍ෆූට්නෝට් අය කෝප් කමිටුවට එපා

බැදුම්කර සිද්ධීයේදී ‘ෆූට්නෝට්’ යෙදු, දුරකතන ඇමතුම්වලට සම්බන්ධ මන්ත්‍රිවරුන් යළිත්. කෝප් කමිටුවට පත්කිරීමෙන් වළකින්නැයි ඒකාබද්ධ විපක්ෂය කථානායක කරු ජයසූරිය මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (24දා) ඉල්ලා සිටියේය.

මේ සම්බන්ධව දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුලු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් පිරිසක් ඊයේ දිනයේදී වෙනමම කථානායකවරයා හමුවී ඉල්ලා සිටි බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා  පැවසීය.

කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ මේ සම්බන්ධව  පක්ෂ නායක  රැස්වීම්වලදී අවධානයට යොමුකළ බවත්,චෝදනා ඔප්පුවී නැති මන්ත්‍රිවරුන් ඉවත් කරන ලෙසට තමන්ට බලපෑම් කළ නොහැකි බවත්, අදාළ දේශපාලන පක්ෂය විසින් එම තීරණය ගතයුතු බවත්ය.