තෙල්දෙණියේ අනතුරකින් පුද්ගලයෙකු මරුට

මහනුවර – මහියංගණය මාර්ගයේ තෙල්දෙණිය, සිරිගම ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් කාන්තාවක් තුවාල ලබා තිබේ.

පෞද්ගලික බස්රථයක් හා යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.

අනතුරින් එක් යතුරුපැදියක පැදිකරුවෙකු තෙල්දෙණිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ මල්කඳුර, වෑගලතිත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුරට ලක්වු අනෙක් යතුරුපැදියේ ගමන් කළ කාන්තාවක් ද තුවාල ලබා ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර තෙල්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.