සිසිල් ගුණසේකරගේ රැලිය Remix 26දා ටවර් හිදී

සිසිල් ගුණසේකර නාට්‍ය නිර්මාණ රැලිය වේදිකා නාට්‍යයේ නව නිෂ්පාදනය වන ‘රැලිය Remixʼ වේදිකා නාට්‍ය මෙම මස 26 වැනිදා සවස 03.30 සහ 06.30 මරදාන ටවර් රඟහලේදී වේදිකාගත කිරීමට කටයුතු යොදා තිබේ.

ටෙනිසන් කුරේ, තුෂාරි ගුණරත්න, ලාල් සරත් කුමාර, චරිත් සේනානායක, කුමුදුනි අධිකාරි, රෝහිත බී.පෙරේරා, මහින්ද කරුණාරත්න, කමල් තිලකරත්න යන මේ සඳහා රංගනයෙන් දායක වන අතර මෙහි නිෂ්පාදන කළමනාකරණය හා සම්බන්ධීකරණය තරංග දුල්ශාන්ත ගෙනි.

මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව සංවිධානය කරන මෙහි ප්‍රවේශ පත් The Sponge කොල්ලුපිටිය, සරසවි පොත්හල – (නුගේගොඩ, මහරගම, දෙහිවල, කිරිබත්ගොඩ), සදීපා පොත්හල – බොරැල්ල , Expo Graphic – පැල්වත්ත ටවර් හෝල් – මරදාන, ආවේ මරියා පොත්හල – මොරටුව ලබා ගත හැකිය.

මේ අතර 077 – 9337555/ 077- 3762771 යන දුරකථන අංකවලට ඇමතීමෙන්ද ටිකට්පත් ලබා ගැනීමේ හැකියාව පවතී.

 

2018-05-24-ent-03  2018-05-24-ent-01