ASUS සිංගර් ශ්‍රී ලංකා හා එක්වෙයි

ලොව ප්‍රකට ASUS නෝට්බුක් ශ්‍රී ලංකාවේ බෙදාහැරීම් නියෝජිතයා ලෙස සහ එකම Large Format Retailer වශයෙන් කටයුතු කිරීමට සිංගර් ශ්‍රී ලංකා පත්කරනු ලබයි

ASUS ලැප්ටොප් හි නවතම නිෂ්පදාන පෙළක් එළිදැක්වීම සඳහා පසුගියදා කොළඹදී පැවති උත්සවයකදී මෙම වෙළඳ සහයෝගීතාව පිළිබද නිල වශයෙන් නිවේදනය කෙරිණි. සිංගර් ශ්‍රී ලංකා සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස්, වෙළඳ අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ ඇතුළු නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්වූ අතර ASUS සන්නාමය වෙනුවෙන් මෙරට නිෂ්පාදන කළමනාකාරිනි ලයිලා ලින්, ශ්‍රී ලංකාව සහ මාල දිවයින සඳහා වන කළමනාකරු ඉෂිකි ඉර්ෂාඩ් සහ වෙළද හා මහා පරිමාණ බෙදාහැරීම් කළමනාකරු කසුන් අන්ද්‍රමානගේ මහතා සහභාගි වූහ.

පරිගණක දෘඩාංග ක්ෂේත්‍රයේ බහු ජාතික දැවැන්තයෙකු වන ASUS ස්මාර්ට් ජීවන රටාවක් සඳහා අවශ්‍ය වන උපකරණ නිපදවන ලොව ප්‍රමුඛතම සමාගමකි. ASUS ලෝකයේ අංක 1 මදර්බෝඩ් සහ පරිගනක ක්‍රීඩා සඳහා යොදාගන්නා සන්නාමය වන අතර නෝට්බුක් පරිගණක ක්ෂේත්‍රයේ ලොව තුන්වන තැන හිමිකරගෙන සිටියි.

ASUS ලැප්ටොප් මාදිලි කිහිපයක් පමණක් පසුගියදා පැවති උත්සවයේදී එළි දැක්වූ අතර විවිධ පාරිභෝගිකයින්ගේ විවිධ වූ අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින් එකිනෙකට වෙනස් මිළ ගණන් යටතේ සහ විශේෂාංග සහිතව නව ලැප්ටොප් මාදිලි ගණනාවක් ASUS විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබේ. Intel 8th gen Core i series ප්‍රොසෙසරයකින් යුතු ව සහ නියම Windows 10 මෙහෙයුම් පද්ධතියකින් සමන්විතව ASUS ලැප්ටොප් වෙළඳ පලට එයි.

ASUS හි මෙරට නිෂ්පාදන කළමනාකාරිනි ලයිලා ලින් සඳහන් කළේ ASUS ලැප්ටොප් මෙරට සෑම ප්‍රදේශයකම පාරිභෝගිකයින් වෙත සමීප කරවීමේ ක්‍රියාලිය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට සිංගර් හා සමාන වෙනත් සමාගමක් ශ්‍රී ලංකාවේ නොමැති බවයි.