චීනයේ යපස් කැනීමේදී සිදුවූ පිපිරීමකින් 11 ක් මරුට

චීනයේ යපස් කැනීමේ ස්ථානයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් එකොළොස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. තවත් නව දෙනෙකු තුවාල ලබා තිබෙනවා. චීනයේ ලියායිං පළාතේ යපස් කැපීමේ ස්ථානයක පිපිරීම සිදුව තිබෙනවා.

එම ස්ථානයේ සිටි 23 දෙනෙකු බේරා ගැනීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත්වුණා. පිපිරීම සිදුවන අවස්ථාවේ එහි ඉදිකිරීමක් සිදුකරමින් තිබූ බව එරට වාර්තා සඳහන් කරනවා. පතල් කර්මාන්තයේ ප්‍රමුඛයෙකු ලෙසයි චීනය සැලකෙන්නේ. අතුරුදන්ව සිටින පුද්ගලයින් දෙදෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.