නෙදර්ලන්ත රැජිනගේ බාල සොයුරිය සියදිවි නාසාගෙන?

නෙදර්ලන්තයේ මැක්සිමා රැජිනගේ බාල සොහොයුරිය ආර්ජන්ටිනාවේ බුවනෝස් එයාස් අගනගරයේ. පිහිටි සිය නිවසේදී ජීවිතක්ෂයට පත්ව සිටියදී සොයාගෙන තිබේ.

33 හැවිරිදි වියේ පසුවන ඉනීස් සොරෙගුඒටා නමැති ඇය සියදිවි හානි කරගෙන ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

නෙදර්ලන්තයේ ඔටුන්න හිමි විල්ලෙම් අලෙක්සැන්ඩර් කුමරු සහ එවකට මැක්සිමා කුමරිය අතිනත ගන්නා අවස්ථාවේදී දෙවැනි මනාලියක් ලෙස සැරසී සිටියේද ඇය බව කියයි.

ආර්ජන්ටිනා සම්භවයක් ඇති මැක්සිමා රැජින මෙම පුවත ඇසීමෙන් මහත් කම්පනයකට පත්ව ඇති බව නෙදර්ලන්ත රාජකීයයෝ පවසති.