නිම්නාවියේ කියන හර්ෂ විතානගේ

යූටියුබ් සමාජ මාධ්‍ය අද වනවිට කොතරම් ශක්තිමත් වී තිබේද? වර්තමානයේ යූටියුබ් මාධ්‍ය තුළින් සිදුවන ක්‍රියාව රූපවාහිනි මාධ්‍යයට වඩා ඉතාමත් ප්‍රබල බව බොහෝ දෙනාගේ මතය වී තිබේ. තමන් විසින් එළිදක්වනු ලබන ගීත මෙම සමාජ මාධ්‍ය වන යූටියුබ් ඔස්සේ ප්‍රචාරය කරමින් ඒ සඳහා රසික ආදරය, ඔවුන්ගේ අදහස් දැනගැනීමට ඔවුහු මහත් උනන්දුවක් දක්වති.

‘සඳනාරි’ පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වූ ගීතයකි. ගායන ලෝකයට ඔහු නවකයෙකු වුවත්, මෙම ගීතයේ වීඩියෝව ඔස්සේ බොහෝ දෙනෙකුගේ ආදරය, ගෞරවය දිනාගැනීමට ඔහුට මෙම ගීතය මගින් හැකිවිය. හර්ෂගේ කුලුඳුල් ගීතය වන මෙම ගීතයේ මියුසික් වීඩියෝව සඳහා බොහෝ දෙනෙකුගේ විශාල ප්‍රතිචාර හිමිව තිබේ. ඔවුන්ගේ ආදරයද හිමිවන්නේ මෙම ගීතය සඳහා නිර්මාණ වී ඇති මියුසික් වීඩියෝව සඳහාය. කිසිදිනෙක නොදැකපු පිරිමි ළමයෙකු සහ ගැහැනු ළමයෙකු අතර කාලයක් තිස්සේ ලියුම් හුවමාරු සිදු වෙයි. ඒ කාලයේ දී ඔවුන් දෙදෙනා අතර, ආදරයක් ගොඩනැගෙයි. නමුත් පිරිමි ළමයාට සේවා මාරුවක් ලැබුණ නිසා ගැහැනු ළමයාගේ ලියුම් නොලැබී යයි. ඒ නිසා ලියුම්වලට උත්තර නොලැබෙයි. ගැහැනු ළමයා ලියුම් යැවීම නතර කර හිත හදාගන්නී. මේ ආකාරයෙන් මෙම මියුසික් වීඩියෝව පුරා ගෙන යන කතාව බොහෝ දෙනෙකුගේ නෙත්වලට කඳුළක් එක් කරනු ලැබූ බව නම් නොරහසකි.

 

නිකුත් වූ දිනය – 2018 අප්‍රේල් 02

ගායනය – හර්ෂ විතානගේ

පද රචනය – ශෙහාන් ගලහිටියාව

සංගීතය – යසස් මැදගෙදර

නැරඹූ සංඛ්‍යාව – 843,783