කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාවට බලාපොරොත්තුවක් ගෙනෙයි

කොදෙව් කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 453ක ඉලකක්කයක් හඹා යමින් සිටින සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සිවුවැනි දිනයට තරගය නිමා කරන විට කඩුලු තුනක් දැවී ලකුණු 176ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රි ලංකාව තවත් ලකුණු 277ක් රැස්කර ගත යුතු වෙයි. ශ්‍රී ලංකාවෙ වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 94ක් රැස්කරගෙන සිටියි. කොදෙව්වන් දෙවැනි ඉනිමට ලකුණු 223/7ක් රැස්කරමින් සිය ඉනිම අත්හිටුවීම. නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 15ක් රැස්කරගෙන සිටියදී ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්විය.

දැවී ගිය ශ්‍රී ලංකා පිතිකරුවන්

කුසල් පෙරේරා 12

ඇන්ජලෝ මැතිව්ස් 31

රොෂේන් සිල්වා 14