රාජපක්ෂ පවුලට බනින අයට වෙන දේ ගැන බැසිල් කියයි

රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන්ට චෝදනා නගන පාර්ශවලින් පළිගැනීමට බලාපොරොත්තුවක් නොමැති බව. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ පවසනවා. කෙසේවෙතත් එම පිරිස් කිසිදා අමතක නොකරන බවයි ඔහු කියාසිටියේ.

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පළාත් සභා කිහිපයක බලය අත්පත් කර ගන්නා බවයි බැසිල් රාජපක්‍ෂ හිටපු අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේ. ගාල්ල ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.