කුඩු තොගයක් සමඟ වෙලේ සුදාගේ ගෝලයෙක් අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් 02ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

පිළියන්දල, මාවිත්තර ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ (14) රාත්‍රී සිදු කළ මෙහෙයුමකින් හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරු වෙලේ සුදා නමැත්තාගේ නියෝජිතයෙකු බවට හදුනාගෙන ඇත.

මෙම කුඩු තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙක හමාරක් පමණ වන බව අනාවරණය වී ඇත.