ඥාණසාර හිමිට දඬුවම් කළේ රටෙහි පවතින නීතිය අනුවයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත අධිකරණය විසින් පනවන ලද දඬුවම රටෙහි පවත්නා සම්මත. නීති යාන්ත්‍රණය ක්‍රියාත්මක වීමක් මිස දේශපාලනික ක්‍රියාවක් හෝ මර්දනකාරී ක්‍රියාවක් නොවන බව මෙරට නීතිගරුක සෑම පුරවැසියෙකුම වටහාගනු ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරාල මහත්මිය කියයි.

මේ අතර අද මාධ්‍ය හමුවක් පවත්වමින් පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් කියා සිටිනුයේ ඥානසාර හිමියන් වහාම සිරෙන් නිදහස් නොකළහොත් භික්ෂූන් වහන්සේලා උද්ඝෝෂණ කරන බවටත් රාජ්‍ය උත්සව වර්ජන කරන බවටත් රජයට අනතුරු අඟවා සිටින බවකි.