කුලියාපිටියේ ගසක් කඩා වැටී 2ක් රෝහලේ

කුලියාපිටිය නගරය ආසන්නයේ කරන්තිප්පල ප්‍රදේශයේදී අද (19දා)  අලුයම අධික වර්ෂාව සහ සුළං තත්ත්වයක් හේතුවෙන් කුලියාපිටිය හෙට්ටිපොළ මාර්ගයට ගසක් කඩා වැටීමෙන් වෙළෙඳ සැල් 02ක් සහ නිවාස 03කට අලාභ හානි සිදුව ඇති බවත් තිදෙනෙකුට තුවාල සිදුව 02දෙනෙකු කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

මේ අනුව ඇතිව ඇති ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන පොලිස් නිලධාරීන්, යුද හමුදාව සහ ආපදා කළමනාකරණ නිලධාරින් මැදිහත්ව ගස ඉවත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින අතර කුලියාපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.