අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනපති හමුවෙයි

අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මැතිව් මොරෙල්. (Matthew Morel)  මහතා ඇතුළු නියෝජිත පිරිසක්  අද (19දා) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවක් සිදුව තිබේ.

දේශගුණික විපර්යාස හේතුවෙන් මෙරට සහල් නිෂ්පාදනයට සිදුවන බලපෑම අවම කර ගැනීම සඳහා චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගැනීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට සූදානම් බව අන්තර් ජාතික සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී පවසා තිබේ.

එමෙන්ම ශ‍්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට මෙන්ම පසු අස්වනු හානි අවම කර ගැනීම සඳහා නවීන තාක්ෂණික සහාය ලබාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහල් නිෂ්පාදනයේ අගයදාමය ප‍්‍රවර්ධනය සඳහාද නව තාක්ෂණික ක‍්‍රම හඳුන්වාදීමට  අපේක්ෂා කරන බවද කියා සිටියේය.

 

මෙම හමුව සඳහා මොහාන් ලාල් ග්‍රේරු, හර්ෂ ද සිල්වා ඇතුළු පිරිසක්ද සහභාගි වී ඇත.

qwqeq 02-(4)