වනඅලි ප්‍රහාරයකින් තරුණයන් 02ක් මරුට

නාඋල ලිහිණිපිටිය, අකරහාඩුව ප‍්‍රදේශයේ  වනඅලියෙකු පහරදීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (20දා)  ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ ලිහිණිපිටිය, අකරහාඩුව ලිපිනයේ පදිංචි නාලක රුවන්කුමාර සහ කමල් සුමුදු හේරත් යන 28 හැවිරිදි තරුණයන් දෙදෙනෙකි.

මියගිය දෙදෙනා ලිහිණිපිටිය ප‍්‍රදේශයේ සිය නිවස ආසන්නයේ රැඳී සිටියදී වනඅලි ප‍්‍රහාරය එල්ල වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.