ඥානසාර හිමිට ඇප ලබා ගැනීමට නොහැකි වුනොත් මාරාන්තික උපවාසයක් කරනවා

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට හෙට දිනය තුළ ඇප ලබා ගැනිමට. නොහැකි වුවහොත් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව බොදුබල සේනා සංවිධානය පවසයි.

එම සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමි සඳහන් කළේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ඇප අයදුම්පත හෙට දිනයේ සලකා බැලීමට නියමිත බවයි.

ඊයේ (20) දිනයේදී බොදුබල සේනා සංවිධානයේ භික්ෂූන් වහන්සේ පිරිසක් කොටුව බෝධිය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කරනු ලැබුවා.

එම උපවාසය ආරම්භ කිරිමට එක්වෙමින් විතාරන්දෙණියේ නන්ද හිමි මෙම අදහස් පල කළේය.