සැලෝන් එකේදී ව්‍යාපාරික බිරිඳක් සමග කෙහෙවලු පටලාගත් ජනප්‍රිය නිළි උදාරි පෙරේරා එළියට ඇද දමලා

ජනප්‍රිය රංගන ශිල්පිණි උදාරි පෙරේරා කොළඹ – නාවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රූපලාවන්‍ය ආයතනයක් තුළදී ගැටුමක් ඇතිකර තිබෙන බව වාර්තාවනවා.

අද (21) උදෑසන පෞද්ගලික කටයුත්තට ඇය අදාළ රූපලාවන්‍යාගාරයට ගොස් ඇති අතර එහිදී ඇයට කලක සිට දන්නා හඳුනන හිතවතියක් මුණ ගැසී තිබෙනවා.ඇය ජනප්‍රිය ව්‍යපාරිකයෙකුගේ බිරිඳක් බව ආරංචි මාර්ග සඳහන් කළා.

කෙසේ වෙතත් රූපලාවණ්‍ය ආයතනය තුල මුණ ගැසුන අවස්ථාවේ දෙදෙනා අර දැඩි වචන හුවමාරුවක් සිදුවී තිබෙනවා.

එහි සිටි සේවකයන් මෙම ගැටුම මැඩ පැවැත්වීමට බොහෝ උත්සහ කළත් , දෙදෙනා දිගින් දිගටම එකිනෙකාට බැණගනිමින් ගැටුම දුරදිග ගොස් ඇති නිසා උදාරිව එම රූපාලාවන්‍ය ආයතනයෙන් එළියට ඇද දමා තිබෙනවා.

මේ පිළිබඳව අදාළ රූපලාවන්‍ය ආයතනයෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ මේ එවැනි සිදුවීමක් වූ නමුත් ඒ පිළීබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.