ඒකාබද්ධ විපක්ෂය වෙනස් වෙයි

ඒකාබද්ධ විපක්ෂය සිය නම වෙනස් කරමින් ඉදිරියේදී පුළුල් සංන්ධානයක් ලෙස කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ‘‘ඒකාබද්ධ පොදුජන පෙරමුණ’’ ලෙස ඉදිරියේදී වඩාත් පුළුල් සන්ධානයක් ලෙස කටයුතු කිරීමටයි සූදානම් වන්නේ.

ඊයේ (10) රාත‍්‍රියේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ආණ්ඩුවේ ක‍්‍රියා පිළිවෙතට එරෙහි විරෝධතා මාලාවක් එළඹෙන 17 වැනිදා ආරම්භ කිරීමට ද මෙහිදී තීරණය කර තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා ඒ පිළිබඳව සඳහන් කළා.