තායිලන්තයේ උමං ළමුන්ට ලැබුණු නොසිතු ආරාධනාව

පුරා දින 18 කට ආසන්න කාලයක් තායිලන්තයේ Tham Luang උමගේ සිරවී සිටි පාපන්දු කණ්ඩායමේ ළමුන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු දින 03 ක මෙහෙයුමකින් අනතුරුව ඊයේ (10) බේරා ගනු ලැබුවා.

මෙම පිරිස නිරුපද්‍රිතව බේරා ගත් බවට සැලවීමත් සමග තායිලන්තයම ප්‍රීතියෙන් ඉපිලී ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර එංගලන්තයේ ප්‍රධාන පෙලේ පාපන්දු ක්‍රීඩා සමාජයක් වන මැන්චේස්ටර් යුනයිටඩ් පිල සිය ෆේස්බුක් ගිණුම හරහා ආරාධනාවක් කර තිබෙනවා. ඒ මෙම ළමුන් 12 දෙනාට, ඔවුන්ගේ පුහුණුකරුට සහ ගලවා ගැනීමේ මෙහෙයුමේ
නිරිතවූ කණ්ඩායමේ සමාජිකයින්ට ඉදිරි තරග වාරයේදී තරග නැරඹීම සදහා සිය පිටියට පැමිණෙන ලෙසයි.

අමෙරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් ගණනාවක රාජ්‍ය නායකයින් පවා මුදවා ගැනීමේ මෙහෙයුම සාර්ථක වීම සම්බන්ධයෙන් සුභ පැතුම් එක්කරමින් ට්ව්ටර් පණිවිඩ තබා තිබෙනවා.