මිලිටරි ආණ්ඩුවකට මා විරුද්ධයි

මිලිටරි ආණ්ඩුවකට තමා සම්පූර්ණයෙන් විරුද්ධ බවත් එවැනි තත්ත්වයක් ඇති වුවහොත් පක්ෂයෙන් ඉවත් වී. ජීවිතය පරදුවට තබා සටන් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මාධ්‍ය වෙත කරුණු දක්වන මන්ත්‍රීවරයා මෙසේද පැවසිය.

‍ගෝඨාගේ ජන්ම දින සැමරුම් උත්සවයේ දී වෙඬරුවේ උපාලි නාහිමියන් කළ ප්‍රකාශය තරයේ හෙළා දකිනවා.හිට්ලර් පාලනයකට මම බයයි. දේශපාලනය කළ අයකු ඉදිරි ජනාධිපතිවරණයේදි ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් විය යුතු යැයි යන ස්ථාවරයේ දැඩිව සිටිනවා. ඉදිරි ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂ මහතාද වෙනත් රාජපක්ෂ කෙනකු ඒ වෙනුවෙන් ඉදිරිපත් විය යුතුද යන්න තවම කියන්න බැහැ. ඒකාබද්ධ විපක්ෂයෙන් ඊට ඉදිරිපත් කළ හැකි සුදුසු අය තව ඉන්නවා . ඒ පිළිබඳ වේලාවට කියන්නම්.

එසේ නැතිව අත්තනෝමතිකව කටයුතු කළොත් සේමසිංහ හා රමේෂ් පතිරණ යන මහත්වරුන්ට දිගටම මාධ්‍ය ප්‍රකාශකයන් ලෙස කටයුතු කරන්න පුළුවන් වේවි. නාමල් මහතාට රගර් බෝලයක් අරගෙන මැලේසීයාවට ගිහින් ඉන්න හැකිවේවි.