ඉන්ධන මිලත් සමග බස් ගාස්තු ගැනත් තීරණයක් ගන්න බස් සංගම් රැස්වෙයි

රජය විසින් ක‍්‍රියාත්මක කිරීමට නියමිත ඉන්ධන මිල සූත‍්‍රය සම්බන්ධයෙන් තමන් දැනුවත් කරන ලෙස. මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ මිල සූත‍්‍රය පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් පසු ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සිය සංගමයේ ස්ථාවරය ප‍්‍රකාශ කරන බවයි.

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනයක් සිදු කළ යුතුද යන්න පිළිබඳ අද (11) පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්ම්ලනය පවසන්නේ. එහි ප‍්‍රධාන ලේකම් අංජන ප‍්‍රියන්ජිත් මේ බව පෙන්වා දුන්නා.