මත්තල ගුවන් තොටුපළේ තවත් යන්ත්‍රයක් ගලවයි (PHOTOS)

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පර්යන්තයට ඇතුළුවන ප්‍රධාන පිවිසුමේ මගීන්ගේ ගමන්මලු පරික්ෂා කිරීම සඳහා තිබු එකම ගමන් මලු ස්කෑනර් යන්ත්‍රය අද (11) දින ඉන් ඉවත්කර කොළඹ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒමට කටයුතු යොදා තිබෙනවා.

මත්තල ගුවන් තොටුපොළ ආරම්භයේ දී මෙවැනි ස්කෑනර් යන්ත්‍ර 06ක් ගුවන් තොටුපළ පරිශ්‍රයේ ස්ථාන කිහිපයක ස්ථාපිත කර තිබු අතර විටින් විට එම ස්කෑනර් යන්ත්‍ර අතුරින් 03ක් ඉවත්කරගෙන තිබුණා. අද දින මේ ආකාරයෙන් මගී පර්යන්තයට ඇතුළුවන පිවිසුමේ තිබු ස්කෑනර් යන්ත්‍ර ඉවත්කරනු ලැබූ අතර එය එළෙස ඉවත් කළ සිව්වන (04) ස්කෑනර් යන්ත්‍රයයි.

මේ ආකාරයෙන් මගී පර්යන්තයට ඇතුළු වන ස්ථානයේ තුබූ ස්කෑනර් යන්ත්‍රය ඉවත්කරගැනීම තුලින් ගුවන් තොටුපොල ආරක්ෂාවට තර්ජනයක් ඇති වන බව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේවකයින් පෙන්වා දෙනවා.