පෙරදිග මුතු ඇටය ආසියාවේ කුඩු කේන්ද්‍රය වෙලා

ඒකාබද්ධ විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ එකතු වී පොදු සන්ධානයක් යටතේ කටයුතු කිරීමට තීරණය කළ බව. ඒකාබද්ධ විපක්ෂය පවසයි.

අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒකාබද්ධ විපකිෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසීය.

එමෙන්ම ඒකාබද්ධ විපක්යේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ස්වාධීන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේදී කටයුතු කළ යුකු බවට තීරණය කළ බවද ඒ මහතා පැවසීය.

මුළු කාලසීමාව තුළම විපක්ෂයේ ප්‍රධාන හඬ යටපත් කිරීමට ආණ්ඩුව හා නිල විපක්ෂය ඒකාබද්ධව කටයුතු කරන බවද ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

දින 30 කාලයක් තුළ ජනතා ඡන්දයෙන් තේරීපත් වූ ජනතා නියෝජිතයන් තිදෙනෙක් පාතාල ක්‍රියාකාරකම් නිසා ඝාතනයට ලක්ව ඇති බවද ඒ මහතා පැවසීය.

දින දෙකකට අවම වශයෙන් ඝාතන 3 ක් සිදුවන බවද ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

එම මාධ්‍ය හමුවට එක් වු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ප්‍රකාශ කළේ යහපාලන ආණ්ඩුවේ තෙවසරක ප්‍රගතිය ලෙස පෙරදිග මුතු ඇටය ආසියාවේ කුඩු කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති බවයි.