අපේ අරමුණ 2020 දි තනි ආණ්ඩුවක් හදන්න

2020 වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වූ තනි ආණ්ඩුවක් පිහිටුවීම පක්ෂයේ අරමුණ බව එම. පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

ශ්‍රිලංකා නිදහස් පක්ෂ මුලස්ථාන කාර්යාලයේදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා පැවසීය.

පසුගිය ඡන්ද විමසීම් වලදි ජනතාවගේ විරුද්ධත්වය ප්‍රකාශ වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොවන බවත් එම විරෝධය පල වුණේ එක්සත් ජාතික පක්ෂයට බවත් පසුගියදා පැවති සමස්ත ලංකා පක්ෂ මධ්‍යමකාරක සභාවේ දි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසු බව ද එහිදි එ් මහතා පැවසීය.

පක්ෂය ගොඩ නැගිම සඳහා අවශ්‍ය වැඩකටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවද එහිදි ඔහු මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.