වැල්ලවායේ වෙඩි තැබීමක් අයෙක් මරුට

වැල්ලවාය කුඩාඔය පොලිස් බල ප්‍රදේශයේ තිස් හයේ කනුව ප්‍රදේශයේ දී ඊයේ (13) රාත්‍රි සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ.

කලක් තිස්සේ පැවති පවුල් ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇති අතර ගහතනයට ලක් වී ඇත්තේ තිස් හයේ කනුව ඌව කුඩාඔය ලිපනයේ පදිංචි නිමල් පුෂ්පානන්ද නැමති පුද්ගලයකු බව පොලීසිය පවසයි.

මෙම වෙඩි තැබීමට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු විසි හතක අයෙක් බව කුඩාඔය පොලිසිය පවසන අතර වෙඩි තැබීම සඳහා යොදාගත් මෙරට නිශ්පාදනය කරන ලද බෙහෙත් කොටන තුවක්කුවක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිත අතර කුඩාඔය පොලීසිය ඉදිරි විමර්ශන සිදු කරයි.