හෙරොයින් තොගයක් පැකට් කරමින් සිටි එකම පවුලේ 5 කට වැඩ වැරදුන හැටි

හෙරොයින් තොගයක් බෙදා හැරීම සඳහා පාර්සල් කරමින් සිටි එකම පවුලේ පුද්ගලයින් පස් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහරගම වීර මාවත ප්‍රදේශයේදී මොවුන් පොලිස් අතත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි දිල්රුක්ෂි අයේෂා නැමති සැකකාරියක් හා සැකකාරියගේ පියා වන 57 හැවිරිදි අලුත්ගෙදර අරියදාස නොහාත් මද්දුඅයියා නැමති පුද්ගලයෙකි.

තවද සැකකාරියගේ මව වන කලුබෝවිලගේ නිල්මිණී වයස අවුරුදු 45 ක කාන්තාවක් හා සැකකාරියගේ පෙම්වතා වන 24 හැවිරිදි නුවන් චාමර ප්‍රනාන්දු යන අයද අත්අඩංගුවට ගෙන තිබේ.