සුබසෙතගමදී දියේ ගිලී මවක් සහ පුතෙකු මරුට

කොබෙයිගනේ, සුබසෙතගම ප්‍රදේශයේදී මවක් සහ දරුවෙකු මියගොස් තිබේ.

සුබසෙතගම මහ වැවේ දිය නෑමට ගිය අවස්ථාවේදී ඔවුන් දියේ ගිලී ඇති බව පොලීසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ බොරැල්ල, බේස්ලයින් පාර ප්‍රදේශයේදී පදිංචිව සිටි 40 හැවිරිදි මවක් හා ඇයගේ දස හැවිරිදි පුත්‍රයායි.

මෘත ශරීර නිකවැරටිය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (14) සිදුකිරීමට නියමිතය.