දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණයක්

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළඟේ වේගය වැඩිවීමේ හැකියාව ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතින අතර දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ සුළුවශයෙන් වැඩිවීමක් ද අද(16) සිට ජුලි මස 17 දිනදක්වා ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වනඅතර සමහර ස්ථාන වලට මි.මී.50 ට වැඩි තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වයඹපළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. 50-60 දක්වා ප්‍රහාරාත්මක සුළං (Gusty winds) ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.