විශේෂ මහාධිකරණයේ කටයුතු මේ සතිය තුළ ආරම්භ කරයි

මහා පරිමාණ මූල්‍ය වංචා සහ දුෂණ සිද්ධින් සම්බන්ධයෙන් වන නඩු විභාග කිරීම සඳහා ස්ථාපිත කෙරුණු විශේෂ මහාධිකරණයේ කටයුතු මෙම සතිය තුළ ආරම්භ කිරීමට නියමිතයි.

මෙම විශේෂ මහාධිකරණයේ නඩු කටයුතු විභාග කිරීම සඳහා විනිසුරුවරුන් තිදෙනෙකු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා විසින් පත් කරනු ලැබුවේය.

ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජපක්ෂ යන මහත්ම මහත්මීන් එම මහාධිකරණයේ විනිසුරු මඩුල්ල ලෙස කටයුතු කරනු ලබයි.

විශේෂ මහාධිකරණ තුනක් පිහිටුවිමට නියමිත අතර සෙසු අධිකරණ දෙකද ඉතා කඩිනමින් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.