අද අලුයම ගුවන් යානා දෙකක් හදිසියේ මත්තලට යයි

අද (16) අලුයම මත්තල ගුවන් තොටුපළ වෙත ගුවන් යානා දෙකක් ගොඩ බස්සවා තිබෙනවා.

ඒ ඩුබායි සිට පැමිණි මගී ගුවන් යානයක් සහ මුම්බායි සිට පැමිණි මගී ගුවන් යානයක්.

කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙලෙස මෙම ගුවන් යානා දෙක හදිසියේ මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට කටයුතු කර තිබූ බවයි වාර්තා වුණේ.