මුහුදට වැටි ධීවරයෙක් අතුරුදන්

මෝදර වරායෙන් ධිවර කටයුතු සදහා පිටත්ව ගිය ධීවරයෙකු මුහුදට වැටී අතුරුදන් වී ඇත.

පසුගිය 14 වනදා මෝදර වරායෙන් ධීවර කටයුතු සදහා පිටත්ව ගිය ධීවරයින් සිව් දෙනෙකු ඊයේ (15)දිනයේ නැවත ගොඩබිමට පැමිණෙමින් සිටියදි ඔවුන් ගමන් කළ යත්‍රාව පෙරලීමෙන් එක් ධීවරයෙකු මුහුදට වැටී අතුරුදන්ව ඇති බව පොලිසිය පැවසුවේය.

අතුරුදන්ව ඇත්තේ ලියගොඩවත්ත, පරගස්තොට ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිසිය සහ නාවික හමුදාව එක්ව අතුරුදන්වූ පුද්ගලයා සෙවිමේ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර එගොඩඋයන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇති.