කුඩු සිරකරුවන්ට වෙනම බන්ධනාගාරයක්

හෙරොයින් ජාවාරම්කරුවන්ට වෙනම බන්ධනාගාරයක් ලබා දිය යුතු බව පවසමින් හෙළ බොදු සවිය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබේ. නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කාර මහමොළකරුවන් විශාල ප්‍රමණයකට බෝගම්බර බන්ධනාගාරයේ සුපිරි නවාතැන් පහසුකම් ලබා දීම ඛිෙදජනක සහ හාස්‍යජනක ක්‍රියාවන් බවද එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.
හෙළ බොදු සවිය සභාපති බුදුගල ජිනවංස හිමියන්ගේ අත්සනින් යුතු එම ලිපියේ මෙසේද සඳහන් වේ. “බන්ධනාගාර නිලධාරීන් හා ‍පොලිස් නිලධාරීන් රාජ්‍ය ආරක්ෂක අංශ වෙන බඳවා ගන්නේ මෙරට බුද්ධි අංශ නිලධාරීන් විසින් කරන විධිමත් පර්යේෂණයකින් පසුව විධිමත් අධ්‍යාපන මට්ටමක් ඇති පිරිසකි. එසේම මෙම නිලධාරීන්ට මෙම ක්ෂේත්‍රය පිළිබඳව නිසි අවබෝධයක් ලබා දී බඳවා ගන්නා බවද සත්‍යයකි. එමගින් රටේ නීතිය, මෙන්ම එම ආයතනවල නීතිය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දී ඇත. එවැනි තත්ත්වයන් තුළ ධනයට, බලයට ලොල්වී ඇතැම් නිලධාරීන් කරන නොහොබිනා වැඩ නිසා රටේ ආරක්ෂාවට මෙන්ම සාමයට දැඩි තර්ජනය එල්ල වී ඇත.
මෙවැනි ක්‍රියා තුළින් සමස්ත ‍පොලිස් නිලධාරීන් හා බන්ධනාගාර නිලධාරීන් සියලුදෙනාම අපහසුතාවයට පත්වීම වැළැක්වීම නොහැක. මෙම සිද්ධියට සම්බන්ධ බන්ධනාගාර නිලධාරීන,් ‍පොලිස් නිලධාරීන් පිළිබඳ වහාම පරීක්ෂණයක් කළ යුතුය. ඔබතුමාගේ යෝජනාවක් අනුව කැබිනට් මණ්ඩලය මගින් ඒකමතිකව තීරණය කරන ලද්දේ මත්කුඩු ජාවාරම්කරුවන්ට මරණ දන්ඩනය දිය යුතු බවයි. එහෙත් එම යෝජනාව කාලෝචිත වුවද ඇතැම් දේශීය හා විදේශීය ලෝකවාසීන්ගෙන් එන තර්ජන ගර්ජන සුළුපටු නොවිය හැක. එම බලපෑම නිසා මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට නොහැකි වන බව කනගාටුවෙන් වුවද ප්‍රකාශ කළ යුතුය.
එබැවින් 2015 මැතිවරණ ප්‍රකාශනයේ මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් යන ඔබතුමාගේ දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සදාචාර සම්පන්න සමාජයක් ගොඩනැගීමට ‍පොරොන්දු වී ඇත. එහෙත් දැනට වසර 3 ක් ගතවුවද මත්කුඩු ජාවාරම අතිශයින් ප්‍රබල වී ඇත. බන්ධනාගාර ක්ෂේත්‍රය කඩා වැටී ඇත. එම නිසා ජනාධිපතිතුමනි විශේෂ විධි විධාන පනත හරහා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණ දඬුවමට ලක් කර ඇති රැඳවියන්ට නව බන්ධනාගාරයන් හා නව අධීක්ෂණ මණ්ඩලයකින් යුත් නිලධාරී මණ්ඩලයක් පත්කර පාර්ලිමේන්තු පනතකින් සම්මත කර නව නීති රෙගුලාසි සහිතව සම්මත කර ගනිමින් බන්ධනාගාරය තුළ සිදුකෙරෙන විෂමාචාරයන් අවහිර කිරීමට ක්‍රියාත්මක විය යුතුය.
බන්ධනාගාරය තුළ සියලුම සන්නිවේදනය අවහිර වන අයුරින් සකස් කර විශේෂයෙන් තෝරා ගත් හුදෙකලා ප්‍රදේශයක විශේෂ කාර්ය බළකාය යටතේ දැඩි රැකවරණය සහිතව බන්ධනාගාරයක් ඉදිකර මරන දණ්ඩනයට නියම වූ කුඩු ජාවාරම්කරුවන් රැඳවිය යුතුය.