ජනපති ලංකාවට

ඉතාලියේ රෝම නුවර සහ ජෝර්ජියාවේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද (20දා) උදෑසන යළිත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

අද උදෑසන 9.45ට පමණ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

ඉකුත් 14දා දිවයිනෙන් පිටත්ව ගිය ජනපති ඇතුළු දූත පිරිස ඉතාලියේ රෝම නුවරදී පැවති හයවන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවට සහ ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරයට සහභාගි වූ අතර ඉන් අනතුරුව ජෝර්ජියාවේ නිල සංචාරයක නියැළුණි.