වැල්ලම්පිටියේ ඝාතකයෙකුට මරණ දඩුවම

‍වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පුද්ගලයින් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරිම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයෙකුට මරණ දඬුවම නියම කර තිබේ.

2006 වසරේදී සිදුව තිබූ එම ඝාතනය සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණය අද (20) එම නියෝගය නිකුත් කළ බවට වාර්තා වේ.

චෝදනා ලබා සිටි තවත් සැකකරුවෙකු නිදොස් කොට නිදහස් කර තිබේ.