ඩොල්ෆින් මරා කරවල ලෙස විකුණලා

මීගමුව ප්‍රදේශයේ ඩොල්ෆින් මසුන් හතරදෙනෙකු මස් කර අලෙවි කිරීමට සුදානමින් සිටි කරවල නිෂ්පාදකයෙකු මීගමුව කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මීගමුව ඇන්ඩර්සන් පාරේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක්ය.

සංරක්ෂිත මුහුදු ජීවියෙක් වන ඩොල්ෆින් මසුන් මරා රහසිගතව කරවල ව්‍යාපාරිකයින් විසින් ඉහළ මිලකට අලෙවි කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව වාර්තා වෙයි.

එලෙස මරණ ඩොල්ෆින් මසුන් මුහුදු ඌරන්ගේ කරවල ලෙස සකස් කර අලෙවි කර ඇති බවටද තොරතුරු අනාවරණය කර ගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් මෙම කරවල නිෂ්පාදකයා අධිකරණයට ඉදිරිපක් කිරීමට නියමිත අතර වැඩිදුර පරික්ෂණ මීගමුව පොලීසිය විසින් සිදුකරයි.