ගිනි අවියක් සමග අයෙකු අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ගිනි අවියක් ළඟ තබාගත් පුද්ගලයෙකු ජා – ඇල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුලේගම, මුවන්වැල්ලේගෙදර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු අද (21) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශ වැඩිදුර විමර්ශන සිදුකරයි.