වෙඩි තැබීමකට සම්බන්ධ පුද්ගලයෙකු දෙමටගොඩදී අත්අඩංගුවට

මරදාන ප‍්‍රදේශයේදී පුද්ගලයන් තිදෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු දෙමටගොඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක්, ජීව උණ්ඩ 05 ක් සහ කේරළ ගංජා ග‍්‍රෑම් 20 ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විසිනව හැවිරිදි රවීන්ද්‍ර සංජීව නොහොත් ලොක්කා නමැති කොළඹ 12 ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඉකුත් වසරේ අගෝස්තු 29 වනදා මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.