ජීව අත්බෝම්බයක් හා හෙරොයින් ළඟ තබාගෙන සිටි අයෙක් අත්අඩංගුවට

ජීව අත්බෝම්බයක් සහ හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ජාඇල දෙහියගාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකා මූලස්ථාන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

ඔහු සතුව තිබී ජීව අත්බෝම්බයක් සහ හෙරොයින් ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 400ක් විශේෂ කාර්යය බලකාය භාරයට ගෙන තිබේ.

සැකකරු වැඩිදුර විමර්ශන සදහා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත බාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසීය.‍