මහින්දාශිර්වාදයෙන් 2020ට එන ඕනම කෙනෙක් පරාජය කරනවා

ඒකාධිපති ආක්ඥාදායකත්වයක් කරා රට ගෙනයාමට කටයුතු කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් යොයිසා මහතා පවසයි.

අද (22) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

ආණ්ඩුවට අවශ්‍ය අවස්ථාවලදී ව්‍යවස්ථාව වෙනස් කරමින් කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බවත් ජන සම්මතයට විරුද්ධව වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද ඒ මහතා පැවසීය.

අවශ්‍ය ඕනෑම අවස්ථාවක ප්‍රබල අපේක්ෂයක් රැසක් ඒකාබද්ධ විපක්ෂය සතුව සිටින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය යටතේ ඕනෑම ප්‍රතිවාදී අපේක්ෂයෙකු පරාජය කිරීමේ හැකියාව පවතින බවද රංජිත් යොයිසා මහතා පැවසීය.