දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් හෙරොයින් ගෙනා 1ක් අත්අඩංගුවට

දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා හෙරොයින් රැගෙන ආ පුද්ගලයෙකු ගොඩගම නිල්වලා පිවිසුම අසලදී මාතර කොට්ටාශ දුෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාතර පොලිස් අධිකාරී ජී.එච්.මාරපන මහතාගේ නියෝගයකට අනුව මාතරට පැමිණෙන සහ පිටව යන සැකකටයුතු වාහන ක්ෂණික මාර්ග භාදක යොදා පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබුණි.

ගොඩගම නිල්වලා පිවිසුම ආසන්නයේ රැඳී සිටි පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත කඩවත සිට මාතර දක්වා පැමිණෙන බස් රථයක් ඊයේ (21) පරික්ෂා කිරිමේදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

එම සැකකරු පාවහන් වල සහ ශරීරයේ සඟවාගෙන සිටි හෙරොයින් ග්‍රෑම් 20 සොයාගෙඅ ඇත.

එහි වටිනාකම ලක්ෂ 30 පමණ වන බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු කඹුරුපිටිය,දබෝගල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.

ඔහු අද (22) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.