“ඒ ළමයි අපි එක්ක ආවෙ කැමැත්තෙන් – පැමිණිල්ලක්වත් නෑ”- සුනෙත් සර්

මේ වනවිට අන්තර්ජාලය පුරා ආන්දෝලනයක් ඇති කර තිබෙන මොණරාගල පාසල් ගුරුවරුන් දෙදෙනෙකු සිසුවියන් අපයෝජනය කළා යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇතැම් නීතිමය තර්ක අනුව අලුත් පැත්තක් පෙන්වා දී තිබේ.

සංස්කෘතිය සදාචාරය අනුව ගුරුවරුන්ට තරම් නොවන මෙම ක්‍රියාව සියලු ශිෂ්ට සම්පන්න ජනකොටස් විසින් හෙළාදැකිය යුතුමය. නමුත් මෙම සිද්ධියට අදාළ ගුරුවරුන්ගේ නීතී පාර්ශ්වයන් තර්ක කරන්නට සූදානම් වන්නේ එම සිසුවියන් සියල්ලන් තම තමන්ගේ කැමැත්ත මත ගුරුවරුන්ව ඇසුරු කළ බවත් මේ නිසා දූෂණයක් ලෙස එය හඳුන්වා තිබීම වැරදි බවත්ය.

මෙම සිද්ධියට අදාළව හෂාන් රත්නායක හා සුනෙත් හෙට්ටිගොඩ නමැති ගුරුවරුන් පොලිස් අත්අඩංගුවට පත්වන්නේ සුනෙත් සිය ගුරුගෝල අපයෝජනය ජංගම දුරකථනයෙන් විනෝදයට පටිගත කර අන්තර්ජාලයට මුදාහැරීම නිසාය. එම වීඩියෝ පට පිළිබඳ පොලිසියට ආ ආරංචිය අනුව සතියක් පමණ කාලයක් පරීක්ෂණ පවත්වා ඔවුන්ව අත්අඩංගුවට ගත්තත් එම සිසුවියන් තමන් අතවරයට ලක්වූ බවට පැමිණිල්ලක් හෝ පොලිසියට කර තිබුනේ නැත.

අන්තර්ජාලයේ පැතිරුණ වීඩියෝව නිරීක්ෂණය කරන්නෙකුට එම සිසුවියට එම හැසිරීම නුහුරු දෙයක් නොවන ආකාරය මෙන්ම ඇය කැමැත්තෙන් සහායකයා සතුටු කරමින් එම හැසිරීමේ යෙදෙන බව නිරීක්ෂණය වේ.

ශ්‍රී ලංකා දණ්ඩ නීතී සංග්‍රහයේ 365 වගන්තියට අනුව ස්ත්‍රී දූෂණ චෝදනාවක් අර්ථ දක්වා ඇත්තේ කිසියම් ස්ත්‍රියක් බලහත්කාරයෙන්

ප්‍රතිවිරෝධතාවයක් යටතේ ලිංගික සංසර්ගය සඳහා පොලඹවා ගැනීමක් ලෙසටයි.

එහෙත් වයස අවුරුදු 16 ට අඩු බාලවයස්කාර තැනැත්තියක් ඇයගේ කැමැත්ත සහිතව දූෂණය කිරීමද අපරාධමය වරදක් සහිත ස්ත්‍රී දූෂණයක් ලෙස හුවා දක්වා තිබේ. ස්‍ත්‍රී දූෂණ චෝදනාවක් සඳහා වසර 7 සිට 20 දක්වා සිර දඬුවම් මහාධිකරණයට නියම කල හැකි වේ. ස්ත්‍රී දූෂණ චෝදනාවක් මහාධිකරණයේ ඔප්පු කිරීමට නම් ඇයගේ කැමැත්ත රහිතව බලහත්කාරයෙන් සිදු වු ලිංගික සංසර්ගයක් ලෙසට සාක්ෂි මඟින් ඔප්පු කල යුතුය. ඒ සදහා බාහිර සාක්ෂි , වෛද්‍ය සාක්ෂි හා ඩී.ඇන්.ඒ සාක්ෂි වැනි දේ ලබා ගත හැකිය.

නීතීඥ මතය අනුව අන්තර්ජාලයට එකතු වී ඇතී අසභ්‍ය දර්ශන සහිත වීඩීයෝව අතිශයින් වැදගත් වන්නේ විත්තිකරුවන්ටයි.ඔවුන්ට මෙය අවශ්‍ය නම් විත්තියේ සාක්ෂි හැටියට නඩු විභාගයේදි ඉදිරිපත් කරමින් මෙය බලහත්කාරයෙන් සිදු නොවු ස්ත්‍රී දූෂණයක් ලෙස ඔප්පු කිරීමට යොදා ගත හැකිය.‍

මෙම වීඩියේ පටයේ සිටින තරුණිය ටියුෂන් ගුරුවරයාගේ සාපෙළ පන්තියේ ඉගෙනුම ලබන්නියකි. සාමාන්‍ය පෙළ විභාගයට මුල්වරට පෙනී සිටින්නේ නම් ඇය වයස 16-18 අතර පසුවන්නියක විය යුතුය.

නීතීඥ මතය අනුව ශ්‍රී ලංකාවේ නීතියේ පවතින ලොකුම හිදැස වන්නේ බාලවයස්කාරයෙක් ලෙස අවුරුදු 16 ට අඩු තැනැත්තියක් හඳුන්වාදීමත් විවාහ වීම සඳහා වයස අවුරුදු 18 කට වැඩි ලෙස අර්ථකථනය කිරීමත්ය.

මෙමඟින් අවුරුදු 16-18 දක්වා ස්ත්‍රී දූෂණයකට ලක් වු තැනැත්තියකට යම් අසාධාරණයක් සිදු වන බව දක්වා ඇත.

මේ වනවිට ලැබෙන ආරංචි වලින් කියැවෙන්නේ මෙම සිසුවිය සහ අනෙක් සිසුවියන් සියල්ලන් රවටා ගැනීමට මෙම විවාහක ටියුෂන් ගුරුවරුන් යොදා තිබෙන උපාය වන්නේ තමන්ගේ දැන් කසාදයෙන් ඉවත්වී ඔවුන් විවාහ කරගන්නට කැමැත්තෙක් පසුවන බවකි.
මෙවැනි අවස්ථාවකදි ශ්‍රී ලංකාවේ නීතියේ රැකවරණයක් ඔවුන්ට ලැබෙන බව නීතීඥ මතයයි.

ඒ ආකාරයෙන් දූෂණය වූ තැනැත්තියක් එම පුරුෂයා සමඟ විවාහ වෙන තෙක් එම නඩුව අධීකරණයේ පවත්වා ගෙන යමින් ඇයට රැකවරණය ලබා දෙමින් නිසි වයස සම්පුර්ණ වූ පසු ඔහු හා විවාහ වීමෙන් පසු නීතීපති උපදෙස් අනුව එම නඩුව ඉල්ලා අස් කර ගැනීමේ හැකියාවක් තිබේ.

කෙසේ නමුත් ලංකාවේ නඩු විසඳීමේ ක්‍රමය අනුව ස්ත්‍රී දූෂණ චෝදනාවක් මෙලෙස විභාග කොට මහාධිකරණයෙන් අවසාන තීන්දුවක් ලබා දීමට අඩුම වශයෙන් අවුරුදු 10 ක්වත් ගත වනු ඇත.