ක්‍රිකට් සිසුන් 3000කට ‌ කොළඹ තරග නොමිලයේ බැලීමට අවස්ථාව

ශී‍්‍ර ලංකාව හා දකුණු අපි‍්‍රකාව අතර ආර්.පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ මේ මස 12 වැනිදා පැවැත්වෙන දිවා – රාතී‍්‍ර එක්දින තරගයත්, 14 වැනිදා පැවැත්වෙන 20 -20 තරගයත් නොමිලේ නැරඹීමට කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරතවන පාසල් ළමුන් තුන් දහසකට අවස්ථාව ලබාදීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබේ.

කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ යෝජනාවක් පරිදි මෙය කි‍්‍රයාත්මක වේ. එම අවස්ථාව උදාකර ගැනීමට කැමති පාසල් සහ කි‍්‍රකට් ඇකඩමියන්හි කි‍්‍රකට් භාර ආචාර්යවරුන් හෝ කී‍්‍රඩාභාර ආචාර්යවරුන් බස්නාහිර පළාත් කි‍්‍රකට් සංගමයේ ලේකම් අනුර වීරසිංහ මහතාව දුරකථන අංක 077 564 1941 අමතා විස්තර ලබාගත හැකි බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.