ගායන ශිල්පි ඩබ්. ප්‍රේමරත්න සමුගනියි

ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී ඩබ්. ප්‍රේමරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට ඔහු අභාවප්‍රාප්ත වී ඇත. ඔහු මිය යන විට 75 වැනි වියේ පසුවිය. ඔහු චිත්‍රපට පසුබිම් ගායකයෙක් ලෙසද කටයුතු කළේය.

මිහිලියගේ තුන් සපුව පුරා, අමකර කුරවි සවින්, චන්ද්‍ර රාණී පායා නැඟේ වැනි ගීත ඔහු ගායනා කර තිබේ.