ප්‍රවීණ රංගන ශිල්පී ඉන්ද්‍රජිත් නාවින්න අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ඉන්ද්‍රජිත් නාවින්න මහතා ද අභාවප්‍රාප්ත වී තිබේ.

අද(08) උදෑසන සිය නිවසේදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.

මියයන විට 70 වන වියේ පසු වූ ඉන්ද්‍රජිත් නාවින්න මහතා ටෙලිනාට්‍ය රැසකට මෙන්ම චිත්‍රපට කිහිපයකට ද රංගනයෙන් දායක වී තිබේ.

බැද්දේගෙදර, අඹුදරුවෝ, වන වදුලේ වසන්තය, කටු ඉඹුල ඔහු රංගනයෙන් දායක වූ ටෙලිනාට්‍ය අතරින් කිහිපයක්ය.