විගණන සේවා කොමිසම දිවුරුම් දෙයි

ස්වාධීන විගණන සේවා කොමිසන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයෝ ඊයේ (09දා) පස්වරුවේ. කථානායක කරු ජයසූරිය මහතා හමුවේ දිවුරුම් දුන්හ.

එහි සභාපතිවරයා ලෙස ගාමිණි විජේසිංහ මහතා (විගණකාධිපති) කටයුතු කරයි. සෙසු සාමාජිකයන් වන්නේ හිටපු අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ, හිටපු නියෝජ්‍ය විගණකාධිපතිවරුන් වන වී. කන්දසාමි, අයි.ජී. ගාමිණි අබේරත්න, සහ හිටපු අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඒ.එස්. පෙරේරා යන මහත්වරුන්ය.

දිවුරුම් දීමෙන් අනතුරුව ස්වාධීන විගණන සේවා කොමිසම ක්‍රියාත්මක වන අතර අද (10දා) සිට ඔවුන් රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.