බෙල්ලන්විල පෙරහැර නිසා විශේෂ රථ වාහන සැලැස්මක්

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන ඇසළ මහා පෙරහැර හේතුවෙන් බොරලැස්ගමුව ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.

එම විහාරස්ථානයේ පාවඩ පෙරහැර ඊයේ(09) රාත්‍රී පැවැති අතර අද(10) රන්සීවලී පෙරහැර පැවැත්වෙයි.

එමෙන්ම හෙට(11) රාත්‍රී රන්දෝලි මහා පෙරහැර පැවැත්වෙන අතර එම කාලය තුළ විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක බව පොලීසිය පැවසුවේය.

පෙරහැර ගමන් කරන කාලය තුළ පොලිසිය විසින් දක්වා ඇති විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිස් මූලස්ථානය රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.