එකම පවුලේ දැරියන් තුන් දෙනෙකු දූෂණය කල පස් දරු පියෙකු පොලිස් අත්අඩංගුවට

මොණරාගල ඇතිමලේ පොලිස් බල ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ පාසල් සිසුවියන් තිදෙනෙකු වරින් වර දූෂණය කල පුද්ගලයකු ඇතිමලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු විසින් මෙම දැරියන් දෙදහස් දොලහ වසරේ සිට අපයෝජනය කර ඇති අතර වැඩි මහල් දියණිය දූෂණය වී ඇත්තේ දෙදහස් දොලහ වසරේ දීය ඒ වන විට ඇයට අවුරුදු දහයක් බව අනාවරණය වී තිබේ.

ඉන් පසු දෙවැනි දැරිය අපයෝජනය කර ඇති අතර ඒ වන විට එම දැරියට අවුරුදු දාහතරකි.

තෙවැනි දියණිය අපයෝජනය කරන විට ඇයට අවුරුදු නවයක් බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.

සැකකරු මෙම දැරියන් වසර ගනනාවක් තිස්සේ විටෙන් විට දූෂණය කර ඇති අතර එම දැරියන් අද වන විටත් පාසල් යන පාසල් සිසුන් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු හතලිස් අටක පුද්ගලයකු වන අතර සැකකරුටද දියණියක් පස් දෙනෙකු සිටන බව ඇතිමලේ පොලිසිය පවසයි.

මෙම සැකකරු මෙම දියණියන්ගේ පවුල සමඟ සමීපතම සම්බන්ධකම් පවත්වා ඇති අතර මෙම සිදුවීම් කිසිවක් දෙමාපියන් නොදන්නා බව දෙමාපියන් පොලිසියට පවසා ඇත.

සැකකරු මෙම දියණියන්ගේ පියාට හිමි හෙනේ වැඩකටයුතු වලට නිතර නිතර පැමිණ උදව් කර ඇති අතරඑම නිසා ඒ පිළිබඳ කිසිඳු සැකයක් දෙමාපියන්ට ඇති වී නොමැත.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව ඇතිමලේ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව සිදු කල විමර්ශන වලදී සිද්ධිය පිළිබඳ සියලුම තොරතුරු හෙලිදරව් වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (9) සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරව මේ මස විසිතුන් වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.දැරියන් වෛද්‍ය පරීක්ෂණයක් සදහා රෝහල් ගත කර තිබේ.