බස් රථයක් වැවට පෙරලී අයෙක් මරුට තවත් 4 කට තුවාලයි

බස් රථයක් නෝනගම වැවට පෙරලී සිදු වූ අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

අද (10) අළුයම 01.20ට පපමණ අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට කතරගම දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් බව පොලීසිය පැවසීය.

මියගිය පුද්ගලයා කතරගම නව නගරය ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි අයෙකු වේ.

තුවාල ලැබූවන් අම්බලන්තොට රෝහලේ ප්‍රතිකාර ලබයි.

බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව හුංගම පොලිසිය සඳහන් කළේය.