ටිපර්-යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු මරුට

බෙලිඅත්ත-ගැටමාන්න ප්‍රධාන මාර්ගයේදී යතුරුපැදියක් සහ ටිපර් රථයක ගැටීම නිසා සිදුවූ අනතුරකින් එක්. පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.

ඊයේ(09) පස්වරු 6.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

අදාළ අනතුරින් යතුරුපැදිය හා ටිපර් රථය පෙරළී ඇති අතර ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යතුරුපැදියේ ගමන්ගත් පුද්ගයා බව වාර්තා වෙයි.

අනතුරින් ජවිතක්ෂයට පත්ව ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැඩබිමෙහි සේවය කරමින් සිටි මාතර පිටබැද්දර පදිංචි 38 හැවිරිදි මානගේ තිලක් කුමාර නැමති පුද්ගලයෙකි.

මොහු තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ටිපර් රථයේ රියදුරු බෙලිඅත්ත පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.