මම කවදාවත් දේශපාලනයට එන්නේ නෑ – සංගා තහවුරු කරයි

තමන් කෙඳිනකවත් දේශපාලනයට නොපැමිණෙන බවත් ඒ පිළිබඳව කිසිම කැමැත්තක් නොමැති බවත් ශ්‍රී ලංකා. හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පවසයි.

සිය ෆේස්බුක් ගිණුමට ඊයේ ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ තමා දේශපාලනයට පැමිණීමට නියමිත බවට වාර්තාවන තොරතුරු පිළිබඳව තමා උනන්දුවූ බවයි.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් පසුව සිය පළමු අවධානය තමන් වෙනුවෙන් වසර ගණනාවක් කැප කළ පවුල වෙනුවෙන් පූර්ණ වශයෙන් යොදවා ඇති බවත් ඔහු පවසයි.

තමන්ට කිසිම ආකාරයක දේශපාලන උනන්දුවක් නොමැති බවත් දේශපාලනය හා ජනතා සේවය ඉතාමත් වගකීමෙන් කළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.