යතුරුපැදි අනතුරකින් තරුණයෙකු මරුට

නෙල්ලිඅඩි, මාලේ හංදිය ප්‍රදේශයේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ.

යතුරුපැදියක් වාහන කිහිපයක් පසුකර යාමට උත්සහ කිරිමේදි ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මන්දිකායි රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ කෝපායි මධ්‍යම ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙකි.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නෙල්ලිඅඩි පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.